30.6 C
Colombo
Sunday, July 13, 2025

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

- Advertisement -

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව, පසුගිය මස 18 වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කෙරුණා.

නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුව, අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES