24 C
Colombo
Thursday, February 13, 2025

ඉමාම් කමිටු වාර්තාව පිළිගන්නේ නැහැ – සිරිල් ගාමිණී පියතුමා

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.

කොළඹදී අද (5) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියා.

ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවත්, ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුව නොමැති බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙහිදී පැවසුවා.

එමනිසා පළමුව කළ යුතු දේ නොකර, වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බව උන් වහන්සේ වැඩිදුරටත් පවසනවා.

තවදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා,

“සී.අයි.ඩී. එකේ කාර්යභාරය විමර්ශන කරන්නේ කොහොමද කියලා. ඒක දේශපාලකයන්ගේ කාර්යභාරයක් නෙමෙයි. දේශපාලකයෝ ඇඟිලිගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ විමර්ශන කරන්න ඉඩ නොදෙනවා කියන්නේ, මේ අපරාධකරුවන් පිළිබද තොරතුරු වසන් කරන්න කරන උත්සාහයක්. ඉමාම් කමිටුවේ අපි දැක්ක හැටියට ඒ වාර්තාවේ තියෙන්නේ පිල්ලෙයාන්ගේ සහ සුරේෂ් සලෙයිගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් විතරයි. ඒකට මූලිකවම අදාළ වෙච්ච අසාද් මවුලානාගේ කිසිම සාක්ෂි විමසීමක් කටඋත්තර ගැනීමක් හෝ ඔහුගේ පැත්තෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙලාම නෑ.ඉම්ම් කමිටුව කරන්න තිබ්බේ පළමුවෙන්ම අසාද් මවුලානාගෙන් මේ ගැන විමසන එක. ඒක කරන්නේ නැතුව වෙනත් පුද්ගලයන්ගෙන් විතරක් කටඋත්තර සටහන්කරගෙන තීරණ ගන්න බෑනේ. ඒ නිසා අපි ඒ වාර්තාව පිළිගන්නේ නෑ”.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES