27.8 C
Colombo
Thursday, April 25, 2024

IMF එකඟතාව ලබන සතියේ දී පාර්ලිමේන්තුවට

- Advertisement -

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් එකඟතාවයන් එළඹෙන සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෑගල්ලේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

“අපත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරගත් එකඟතාවයන් ප්‍රසිද්ධ කළ වහාම ඔවුන්ගේ වෙබ් අඩවිවල.. අපි දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා අපේ රට පැත්තෙන්. අපිට සැඟවීමට කිසිදු රහසක් නැහැ.

ජාතියත් එක්කම මේ ගැන කතා කළ යුතුයි. IMF එක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපති මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කරනවා.

ලබන සතියේ බොහෝ දුරට සිදුවෙයි. විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ මේ ගැන කථා කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කරන්නත් පැහැදිලි අවස්ථාවක් ලබා දෙන්න රජය සූදානම්.”

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...