25 C
Colombo
Friday, March 29, 2024

IMF කියන්නෙ බිල්ලෙක් නෙවෙයි – ඩලස්

- Advertisement -

මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

ශ්‍රී ලංකාව 1950 දී සිට මේ දක්වා අවස්ථා 16කදී එහි පාර්ශවකරුවකු ලෙස ගණුදෙනු කර ඇති බවත්, අවසන් වරට 2016 දී ඩොලර් බිලියන 1.1ක මුදලක් ලබාගෙන ඇති බවත් කී ඇමතිවරයා එයින් මෙතෙක් ලබාගත් විශාලතම මුදල ලෙස, 2008 වසරේ යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවකදී ඩොලර් බිලියන 2.5ක් ලබාගෙන ඇතැයි ද සඳහන් කරනවා.

එහි සාමාජික රටක් ලෙස ඉතිහාසයේත් විශ්වාසයන් පළුදු කරගෙන නැතැයි කී ඇමතිවරයා බිල්ලෙක්ගේ රූපයක් මවන්නේ නැතිව ඉතිහාසයට සාපේක්‍ෂව ඒ දෙස බැලිය යුතු බවයි පවසන්නේ.

මූල්‍ය අරමුදලට යාම පිළිබඳව මෙතෙක් කැබිනට් මණ්ඩලය හෝ මුදල් අමාත්‍යාංශය ලෙස සාකච්ඡා කර නොමැති බවත් අමාත්‍යවරයා පවසනවා.

ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවීම සඳහා ඩොලර් මිලියන 500 ලැබුණේ කොහෙන්දැයි මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මෙතෙක් පැවතියේ එය ගෙවීමට හැකිද යන්න ගැන පසුගිය දිනවල ලොකු තැතිගැනීමක් තිබූ බවත්, ආර්ථික කුණාටුවක් අභියස සිටියදී එය නිමාවූ සතුට භුක්ති විඳිය යුතු බවයි

බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් බවත් අමාත්‍යවරයා පවසනවා

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...