24 C
Colombo
Thursday, February 13, 2025

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වීසා නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ වරදට අත්අඩංගුවට ගන්නා ලද පැමිණිලිකරු, වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයෙන් නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ගෙන ඇති බව සඳහන් වනවා.

සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීයෙක් බව පැවසෙනවා.

සැකකරුව පසුගිය 20 වනදා පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය තුල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

POPULAR ARTICLES