27.8 C
Colombo
Friday, April 26, 2024

ආනයන සීමා දැම්මේ මාස 03ක් අධ්‍යනය කරලා – මහබැංකු අධිපති

- Advertisement -

භාණ්ඩ 623 ක් සඳහා පැනවූ ආනයන සීමා කිරීම් වලට පෙර මාස 03ක පමණ කාලයක් ඒ සම්බන්ධව අධ්‍යනයක් කළ බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

අදාල භාණ්ඩ ආනයනය කිරීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීම සඳහා 100%ක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවයි මහ බැංකුව පෙරේදා (09) නිවේදනය කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහබැංකු අධිපතිවරයා පවසන්නේ වෙළෙඳ හිඟයේ පරතරය අඩු කර ගැනීම මෙහි අරමුණ බවයි.

මෙම ක්‍රමවේදය අතීතයේත් මහ බැංකුව ආනයන පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් වන බවත් කිසිදු නිෂ්පාදකයෙක් මේ සම්බන්ධයෙන් මැසිවිලි නගන්නේ යැයි තමා නොසිතන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ආනයන සීමා කිරීම් ඉතාමත් ප්‍රවේසමෙන් කල් රැගෙන සිදුකළ දෙයක් බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත්, තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා ඊයේ දින නිවේදනය කර සිටියා.

පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවත් තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් එම නිවේදනයේදී ඔහු ප්‍රකාශ කර සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...