2024 ජනාධිපතිවරණය ඉතාම සාමකාමීව පවත්වා ඡන්ද ගණන් කරමින් තිබියදී හදිසියේම දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම අවශ්‍ය නොවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ජනාධිපතිවරණ නිරීක්ෂණ සංවිධාන තුනක් විසින් ඉතා සාමකාමී මැතිවරණයක් පැවති බව ප්‍රකාශ කර තිබෙන බව ඔහු විසින් සඳහන් කරනවා.
තවද ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ කිසිදු කලහකාරී තත්ත්වයක්ද වාර්තා වී නැති පසුබිමක හදිසියේම දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම අනවශ්‍ය කලබලයක් ඇති කිරීමේ උත්සාහයක්දැයි සැකයක් මතුවන බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අවසරයකින් තොරව මේ ආකාරයෙන් හදිසියේම ඇඳිරි නීතිය පැනවීම අනවශ්‍යය කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද පවසා තිබෙනවා.
මෙවැනි අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් ඇති නොකර නිවැරදිව ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලෙසත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය ලෙස ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.