33 C
Colombo
Friday, March 29, 2024

අලුත් පක්ෂයකින් අලුත් ගමනක් යන හැටි ඉම්තියාස් කියයි

- Advertisement -

සමගි ජන බලවේගය යනු අලුත් දර්ශනයක් සහිත අලුත් දේශපාලන පක්ෂයක් බවත්, මෙහි නායකයන් පත් කරන්නේ මැද මුලන වලව්වෙන් නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසනවා.

සමගි විහිදුම් බලකායේ සමාරම්භක උත්සවයට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පලකළා.

“සමගි ජන බලවේගය කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක්. අලුත් දේශපාලන දර්ශනයක්. සමගි ජන බලවේගය නිර්මාණය වුනේ මැද මුලන වලව්වේ නායකයින්ගේ තීරණයක් අනුව නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තමයි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා පක්ෂ නායකත්වයට පත්වුනේ.

ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයක් තමයි එක්සත් ජාතික පක්ෂයේ උරුමයක් වුනා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනසවිය, පාසල් නිල ඇදුම්, පාසල් පෙළ පොත් අපි ජනතාවට ලබාදුන් උරුමයන්. ඒත් එක්සත් ජාතික පක්ෂය මේ දර්ශනයෙන් පිට පැනලා, අන්ත දක්ෂිණාංශික, නව ලිබරල් ප‍්‍රතිපත්ති වෙත ගමන් කරන්න පටන් ගත්තා. අලුත් මාවතකට ගියා. සියයට 23කට ඡන්ද ප‍්‍රතිශතය කඩාගෙන වැටුනා. මේකෙන් ගොඩ ඒම සදහා පක්ෂය ගත් තීරණය අනුව අලුත් දේශපාලන ගමනක් යන්න ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඉදිරිපත් කළා.

ඒ අවස්ථාවේදී දූෂිතයින් කිහිප දෙනෙක් එකතුවෙලා අලියා ලකුණින් යන්න හැදුවත් ජනතාව ඔවුන්ට හොද පාඩමක් කියලා දුන්නා. සමගි ජන බලවේගය නිර්මාණය කරලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනතාව ආසන පනස් ගණනක් ලබාදුන්නා.

ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් මේ තරම් කෙටි කාලයක් ඇතුළත වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට මේ තරම් ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට හැකියාව ලැබුණේ නැහැ. බණ්ඩාරනායක මහත්තයා අලුත් පක්ෂයක් පිහිටවූවාට පසුව පැවති මැතිවරණයෙන් ලබාගැනීමට හැකියාව ලැබුණේ ආසන නමයක් පමණයි.

අපේ පක්ෂයේ ව්‍යවස්ථාව කියවලා බලන්න. අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙන ප‍්‍රගතිශීලී කදවුර තමයි මේක. අපේ පක්ෂයේ යාවජීව නායකයෙක් වෙනුවට තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තේරී පත්වන නායකයෙක්. ලංකාවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක නොමැති ආකාරයට අපේ පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතිනවා.

මින් ඉදිරියට අපේ පක්ෂයේ ආසන සංවිධායකයින් පත් කරන්නේ ආසනයේ ක‍්‍රියාකාරීන්ගේ අදහස් ලබාගැනීමෙන් පසුවයි. ව්‍යවස්ථාව මගින් එය සහතික කර තිබෙනවා.

අද ලෝකයේ මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදයේ සිටි රාජ්‍යයන් අද ලාභය අරමුණු කරගත් රටවලට තමන්ගේ රටට එන්න කියලා ආරාධනා කරනවා. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික ක‍්‍රමයක් ඇති රටවල් ලෝකයේ ආර්ථික පෙළහර පාමින් සිටිනවා.

අපේ කලාපයේ අනිකුත් රටවල් කොවිඩ් වසංගතය හමුවේ පවා විදේශ සංචිත හොදින් කළමනාකරණය කරගත්තා. සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. අපේ රටේ තමයි විදේශ විනිමය අර්බුදයක් ඇති කරගත්තේ. මේ තත්වයෙන් රට ගොඩ ගැනීමට හැකි කණ්ඩායමක් සිටින්නේ සමගි ජන බලවේගය තුළයි.

මේ අර්බුදය හමුවේ රට ගොඩ ගත හැකි මග ගැන පක්ෂයක් විදියට අපි කරුණු ඉදිරිපත් කරනවා. අද විශ්ව විද්‍යාල ප‍්‍රජාව හයසියයකට වැඩි පිරිසක් අපි සමග අත්වැල් බැදගෙන ඉන්නවා. හෙට අපි ආණ්ඩුව භාරගැනීමට සූදානම් දේශපාලන පක්ෂයක්.

සාම්ප‍්‍රදායික දේශපාලනයේ අවසානයක් දකින්නයි සමගි ජන බලවේගය නිර්මාණය කර තිබෙන්නේ.

එදා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා කිව්වේ තමන් දෙකොන පත්තුවන විලක්කුවක් වගේ රටක් භාරගන්නවා කියලයි. එදා එතුමා ජනසවිය දෙනවා කියලා කිව්වම විරුද්ධ පක්ෂයේ අය කිව්වේ ජනතාව රටවනවා කියලයි. නමුත් දෙපැත්ත දැවෙන රටක් භාරගෙන ඒ පොරොන්දුව ඉටු කලා විතරක් නෙමෙයි රට වටේම ඇගළුම් කර්මාන්තශාලා ආරම්භ කළා.

ඉබාගාතේ යන මේ ආණ්ඩුව වගේ කොවිඩ් වසංගතයට මුවා වෙලා පොරොන්දු ඉටු නොකර සිටීමට, එදා පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කටයුතු කළේ නෑ. ජනසවිය දුන්නා. පාසල් නිල ඇදුම දුන්නා. නිවාස වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කළා. අද රටට අවශ්‍ය සංවේදී ආණ්ඩුවක්.

අද මම මේ රැස්වීමට එන වෙලාවේ සමාජ ජාලාවල ටියුනීසියාවේ ඡායාරූපයක් දැක්කා. ඒකාධිපති පාලකයෙක් හිටපු රටක්. බඩු මිල වැඩිවන විට, ජනතාවට පීඩාවට පත්වන විට, ජනතාව පාරට බැස්සා. ඒකාධිපති පාලකයා හමුදාව යොදවලා, බලහත්කාරය යොදවලා ජනතා විරෝධය පාලනය කිරීමට උත්සාහ ගත්තා. නමුත් ජනතාව බය නොවී පාරට බැස්සා. අවසානයේදී ඒ පාලකයාට ටියුනීසියාව අතහැර යාමට සිදුවුනා. ඔහු රට හැරයන අවස්ථාවේදී දුරකතනයෙන් කතා කළ දේවල් රෙකෝ්ඩ් කරලා බී.බී.සී. එකෙන් එලියට දාලා තියෙනවා. හමුදාපතිට කතා කරනවා. නැවත ටියුනීසියාවට එන බව හමුදාපතිවරයාට කිව්වා. ඔහු ගිය ගුවන් යානයේ ගුවන් නියමුවාට කිව්වේ තමන් ඉක්මනින්ම නැවත ටියුනිසීයාවට එන නිසා ගුවන් යානය නැවත රැගෙන යන්න එපා කියලා කිව්වා. ඒත් ඔහු ඒකාධිපති පාලකයාට නොකියාම නැවත ගුවන් යානය රැගෙන ගියා.

එදා ටියුනීසියානු ජනාධිපතිවරයාට වුන දෙයින් පාඩම් ඉගෙන ගන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.”

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...