28.2 C
Colombo
Saturday, April 20, 2024

වසර 03න් පවුල් ලක්ෂ 17ක් දිළින්දන් වෙලා..!

- Advertisement -

මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

2019 වසර වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව හයලක්ශ 81,800ක් වූ අතර මේවනවිට එය විසිහතර ලක්ශ 22,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ සිදු කිරීමට නියමිත සමීක්ෂණය තවමත් සිදු කර නොමැති නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කළ සමීක්ෂණයකදී 2019 වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල සීඝ්‍ර වර්ධනයක් මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සිදුව ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ.

මේවනවිට මෙරට සාමාන්‍ය පවුලකට ජීවත් වීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය 2021 වර්ෂය හා සැසදීමේදී ඉහළ ගොස් තිබුණද ආදායම පහළ ගොස් ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සදහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...