27 C
Colombo
Friday, April 19, 2024

හැමදේටම වර්ජනය කරපු GMOA ඖෂධ විතරක් ඉල්ලා උද්ඝෝෂණයක

- Advertisement -

අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, එයින් ජන ජීවිතයට ඇති අවධානම, සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට එරෙහිවීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණි පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ සුළු උද්ඝෝෂණයක් පවත්වා විසිර ගියා.

මීට පෙර යහපාලන රජය පැවති කාලය තුළ ඉතා සක්‍රීය වෘත්තීය සමිතියක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවාවේ ගැටළුවලට අමතරව ඔවුන්ගේ වෘත්තීය සමිතියට ඍජුව අදාළ නොවන දේශපාලන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් උද්ඝෝෂණ හා වැඩවර්ජන සංවිධානය කළා.

එවක ඉතා ක්‍රියාශීලි වෘත්තීය සමිති නායකයෙකු වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ වන විට සාමාජිකයන්ට පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

සාමාන්‍ය ජනතාව අසීමිතව දුක් විදිමින් සිටින අවස්ථාවක මෙම අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයක්.

අනුරුද්ධ පාදෙණිය මහතාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් මේවන විට දැඩි කළකිරීමකට පත්ව තිබෙනවා.

මෙරට පැරණි හා ශක්තිමත් වෘත්තීය සංගමයක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට සමාජ මාධ්‍ය තුළද හාස්‍යයට ලක්වන වෛද්‍ය සංගමයක් බවට පත්ව ඇත්තේ එහි සභාපතිවරයාගේ ආණ්ඩු ගැති ක්‍රියාකලාපය හේතුවෙන් බව එහි ඇතැම් සාමාජිකයන් පවසනවා.

විෂ පොල්තෙල් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ලවන විට නිවසේදීම පොල්තෙල් සාදාගන්නා ආකාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කිරීම, අනුරුද්ධ පාදෙණිය මහතා කාබනික පොහොර ප්‍රවර්ධනය කර මෙරට ආහාර අර්බුදයට දායකවීම, වරෙක පසේ සංයුතිය පිළිබඳව දෙරණ නාළිකාවේදී පාංශු විශේෂඥයින්ට කියාදීමට ගොස් විහිළුවක් වීම වැනි චෝදනා රැසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වන විට එල්ලවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...