30 C
Colombo
Monday, March 20, 2023

ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් චීනයට චෝදනා

- Advertisement -

වාර්ගික එකමුතුව යන වචනයට මුවා වී චීනය මහා පරිමාණයෙන් ශ්‍රමය සූරාකෑමක නිරත වී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම තත්ත්වය බහුලව දැකිය හැකි වන්නේ ටිබෙටය තුළ හා චීනයේ ෂින්ජන් පළාතේ බව ද විදෙස් මාධ්‍ය පවසයි.

ටිබෙටයේ සිටින විව්ධ වාර්ගික ජන කොටස් එක් කර ගනිමින් වාර්ගික එකමුතුව ප්‍රචාරය කරන මුවාවෙන් චීනය එලෙස සුළු ජන කොටස්වල ශ්‍රමය සූරා කන බවටයි චෝදනා එල්ල වන්නේ.

එමෙන්ම ටිබෙටයේ සිටින සුලු ජනකොටස් චීන රජයට අයත් කර්මාන්තශාලාවල සේවයේ යොදවා ඇත්තේ බරපතල ලෙස සිදුවන මානව හිමිකම් කඩකිරීම් සගවා තබා ගනිමින් බව ද වාර්තා වෙයි.

චීනයේ ෂින්‍ජන් පළාත තුළ පිහිටි චීන රජයට අයත් කර්මාන්තශාලා තුළ මෙම තත්ත්වය බහුලව දැකිය හැකි බව ද විදෙස් මාධ්‍ය පවසයි.

ෂින්ජන් පළාතේ කර්මාන්තශාලා තුළ ශ්‍රමය සූරාකෑමට ලක් වන බවට හා බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවට චීනයට කලක පටන් චෝදනා එල්ල වනවා.

එහෙත් චීනය පවසන්නේ සුලු ජන කොටස් ව්‍යාප්තව සිටින ප්‍රදේශ තුළ ආරම්භ කර ඇති සහයෝගිතා වැඩසටහන් හරහා එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු වන බව හා සුලු පරිමාණ කර්මාන්තය නගා සිටුවිය හැකි බවයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාවක් මගින් ඉකුත් දා අනාවරණ කෙරුණේ ෂින්‍ජන් වැනි ප්‍රදේශවල කර්මාන්තවලට මුවා වී සිදුවන ශ්‍රමය සූරාකෑමේ සිදුවීම් මනුශ්‍යත්වයට එරෙහි අපරාධ බවයි.

ටිබෙටයේ තත්තවය ද ඒ හා සමාන බවයි චීනයේ වාර්ගික සහයෝගිතා වැඩසටහන් පිලිබද වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.

Breaking: ICC issues arrest warrant for Putin on war crime allegations

0
The International Criminal Court (ICC) has issued an arrest warrant for Russian President Vladimir Putin over alleged war crimes in Ukraine.

J. Sri Ranga arrested

0
Former MP J. Sri Ranga was arrested today on the accusations of influencing witnesses over an accident happened in Vavuniya in 2011.