31 C
Colombo
Saturday, June 10, 2023

චීන පකිස්තාන ආර්ථික කොරිඩෝවේ ගොලුබෙලි ගමනේ රහස්

- Advertisement -

චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව (සීපීඊසී) ඉදිරියට ඇදෙමින් ඇත්තේ ගොළුබෙල්ලෙකු මෙන් ඉතා සෙමිනි. මීට වසර දෙකකට පෙර පාකිස්තාන පාර්ශවය කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කළ බවයි.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර 2019 වර්ෂයේ ආරම්භ කිරීම නියමිත බවට ද විශාල කතාබහක් හට හටගෙන තිබිණ. කෙසේවෙතත් ඒය සිදූවූයේ නැත. ඒ දෙවන අදියර ආරම්භ කිරීමට නොහැකි වූයේ මන්දැයි යන්න පිළිබද කිසිදු පිළිගත හැකි අදහසක් ඉදිරිපත්ව නොමැත.

පසුගිය මාසයේ පැවති පාකිස්තාන රූපවාහිනී සාකච්ඡාවකදී ඉදිරිපත් වූ අදහසක් වූයේ චීනය මෙම ව්‍යාපෘතිය සිතාමතා කල් දමමින් හෙමින් සීරැවේ ඉදිරියට ඇදගෙන යන බවයි.

චීනයේ සීපීඊසී සම්බන්ධ කිසිදු නියෝජිත කණ්ඩායමක් දිගු කලකින් පාකිස්තානයට පැමිණ නොමැති බවටද මෙහිදී සදහන් කෙරිණ.

කෙසේ වෙතත්, මේ කිසිවෙකින් සෑහිමකට පත්වීමට පාකිස්තාන නායකයින්ට නොහැකි වී තිබේ.

ඒ මෙම ව්‍යාපෘතිය තම රටේ ඉදිරි ගමන වෙනස් කෙ‌රෙන දියුණුවේ මාවත බවට ඔවුන් විසින් උත්කර්ෂයට නගා තිබීමය.

සෑබෑවටම චීන පකිස්තාන ආර්ථික කොරිඩෝව මන්දගාමී වී ඇත්තේ කවර සාධකයන් නිසාද? පාකිස්තාන නායකයින් තම රටවැසියන්ට මෙම ව්‍යාපෘතිය ගැන ප්‍රමාණවත් ලෙස පැහැදිළි කර නොදුන් බවට චීනයට විවේචනයක් තිබිය හැකිය.

එහෙත්, පකිස්තානයට ද මේ පිළිබද අදහස් පළකිරීමේ සීමාවන් පවතින බව අමතක කළ යුතු නොවේ.

මෙය රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සදහන් කරමින් වාසි ගැන අදහස් පළකිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය හරහා මතුවන වගකීම් පිළිබද පැවසීම සැබෑවටම කළ හැක්කක්ද?

මේ පසුබිම නිසා, මෙම අතිශය වැදගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසි විටෙකත් පකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදයක් නොතිබුණි. මෙහිදී අවධාරණය කර තිබුණේ කිසි විටෙකත් චීන පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය විවේචනය නොකරන ලෙසයි. රටේ ජාතික සංවර්ධන අවශ්‍යතාවය සියල්ලට වඩා ඉහළ බව සදහන් කරනු ලැබිණ.

මේ නිසා මාධ්‍ය අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. මේ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුකළ මාධ්‍යවේදීන් පාකිස්තාන විරෝධී සහ ඉන්දියානු ගැති යනුවෙන් ලේබල් කෙරිණ.

ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයන් මූලිකව උපාය මාර්ග දෙකක් මත ක්‍රියා කරනු ලැබිණ.

ඉන් පළමුවැන්න පාකිස්තානයේ අනාගතය මෙම ව්‍යාපෘතිය යන්නයි.දෙවැන්න ඔවුන්ගේ “සදාකාලික සතුරා” වන ඉන්දියාවට විරැද්ධව කදවුරැ බැදිය යුතුය යන්නයි.

කෙසේවෙතත් මේ උපාය මාර්ගවලට ගොදුරැ වූ පාකිස්තානුවන් විශේෂයෙන් තරුණ පරම්පරාව දැන් පවතින තත්වය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටී.

ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුවද පාකිස්තාන පොදු ජනයාගේ ජීවිතය සුන්දර වී නැත. ඔවුන්ගේ දෛනික ගැටලු වැඩිවීම මිස අඩුවීමක් සිදුව නැත.

කෙසේවෙතත් ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ මනසේ ගොඩනැගී ඇති දැවැන්ත සතුරුකම නිසා චීනය පාකිස්තානයට අත්‍යවශ්‍ය බවට වන හැගීමක් ඔවුන් සතුව පවතී.

එහෙත්, ඒ ආදරයක් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළිය. ඇතැම් අවස්ථාවල ඒ බව පකිස්තානුවන්ගේ අදහස්වලින් ඉවතට පනින බව පෙනේ.

කොවිඩ් -19 පාකිස්තානයේ ව්‍යාප්ත වීමට පටන් ගත් විට, පකිස්තානයේ වීරයෙකු ලෙස සැළකෙන කලක් ලොව වේගවත්ම වේගපන්දු යවන්නා වූ රාවල්පින්ඩි එක්ස්ප්‍රස් ලෙස හැදින්වෙන ෂොයිබ් අක්තාර්, වවුලන් ආහාරයට ගනිමින් ලොව පුරා වෛරසය පැතිරවීම සම්බන්ධයෙන් චීන ජාතිකයන්ට දොස් නැගීය.

කෙසේවෙතත් බොහෝ මාධ්‍යය මෙබදු අදහස් වාරණය කරනු ලැබිණ.

මෙම ආර්ථික කොරිඩෝව ස්ථාපනය කිරීමේදී චීනය සිදුකළ පුරෝකතනයන්ගේද අඩුපාඩු බහුල විය.ව්‍යාපෘතිය හරහා පාකිස්තාන තරුණ තරුණියන්ට රැකියා ලබාදීම පිළිබඳ විශාල පොරොන්දු දීමට පෙර, චීනය ඊට අදාළ සමාජ වටාපිටාව පිළිබද නිසි අධ්‍යයනයක් කළ බවක් නොපෙණින.

පාකිස්තාන තරුණ තරුණියන්ගෙන් බහුතරයකට ඇත්තේ මද්රසා සහ රජයේ (රජයේ) පාසල් පසුබිමයි.

ජෙනරාල් සියා උල් හක් 1970-80 කාලය තුළ සිය ඉස්ලාමීයකරණ වැඩපිළිවෙල හරහා මද්රසා සහ රජයේ පාසල් විෂය නිර්දේශය එක හා සමාන කරමින් අපැහැදිලි තත්වයක් නිර්මාණය කරනු ලැබිණ.

චීන භාෂාව හා තාක්‍ෂණය ඉගැන්වීම කළ පමණින් මෙම පසුබිමේ බලපෑම අහෝසි නොවන බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.

අනෙක් අතට පකිස්තානයේ ඇත්තේ චීනයේ මෙන් සංවෘත දේශපාලනයක් නොව බහු-පක්ෂ දේශපාලනයකි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් මාධ්‍යය සහ ස්වාධීන අධිකරණයක් ඇත.

අඩුපාඩු පැවතියද පකිස්තානයේ උද්ඝෝෂණ, විරෝධතා සදහා අවකාශ ඇත. අනෙක් අතට පාකිස්තානය දැනටමත් ගෙවා නිම කළ කළ නොහැකි ණය උගුලක සිරවී සිටියි. චීනය යනු සෞදි අරාබිය හෝ එක්සත් ජනපදය නොවේ.

චීනයේ ණය උපාය පිළිබද දන්නේ ඔවුන්ම පමණි.

නව ග්වඩාර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිම කිරීම සඳහා ණය ලබාදුන්නද චීනය ඒ ඉදිකිරීම නිමකිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වන බවක් සදහන් වී තිබේ.

ග්වාඩර් ගැඹුරු මුහුදු වරාය ක්‍රියාත්මක කිරීම ද අත්හිටුවා ඇති බව සදහන් වේ. මේ හේතුවෙන් සීපීඊසී පිළිබඳ පාකිස්තාන පාර්ලිමේන්තු කමිටුව මාර්තු මාසයේදී රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ චීනය සමඟ මෙම ප්‍රශ්න විසඳාගන්නා ලෙසයි.

චීනයේ පකිස්තාන තානාපති නොන් රොං පාකිස්තානය ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය සඳහා දක්වන සහයෝගය ගැන සෑහීමකට පත්වන බවක් පෙනෙන්නට තිබුණි.ව්‍යාපෘතිය අවසන් අවසන් එකඟතාවයක් ඇති බව ඔහු විසින් සදහන් කෙරිණ.

මෙයින් ගම්‍ය වන වැදගත්ම කරැණ වන්නේ ව්‍යාපෘතිය නිම නොකිරීම පිළිබඳව ජනතාව පැමිණිලි කරන බව චීනයද වටහාගෙන ඇති බවයි.

චීනය සැබෑවටම මෙම ව්‍යාපෘතිය සිතාමතාම ගොලුබෙලි ගමනින් ඇදගෙන යනවාද? ඇතැම් විට ඒසේ විය හැකිය.

ඒ සදහාද හේතු පැවතිය හැකි බව අමතක කළ යුතු නොවේ.පසුගිය අඩ දශකයක පමණ කාලය තුළ, කොමියුනිස්ට්වාදය අත්විද නොමැති රටවල් සමඟ සමීපව ව්‍යාපාරික සබඳතා පැවැත්වීම පිළිබඳව චීන ජාතිකයන් අලුතින් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බවට සැක නැත.

මෙම සබඳතා ඉන්දියාව කේන්ද්‍රගතව පවතින තාක් කල් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට තිබේ.

ඉන්දියාවේ මෙන් පාකිස්තානයේද , නීතියෙන් නියම කර ඇති වෙළඳපොල අනුපාතයට අනුව වන්දි ගෙවීමකින් තොරව ‌පුද්ගලික ඉඩම් ලබා ගත නොහැක.

කෙසේ වෙතත්, චීනයට ඒය නුහුරු අතර සියලු ඉඩම් රජයේ දේපළ වේ.

මෙය පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනය වරද්දා ගත් තැනක්ද වේ.

ව්‍යාපෘතියට සම්බන්ධ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ සහ පාකිස්තානයේ පළාත් හතරක ඉඩම් සඳහා වන්දි ගෙවීමට වැය කළ යුතුවූ ඩොලර් බිලියන 6 ක් චීනය විසින් ව්‍යාපෘතිය ආරම්භයේදී අදාළ ගණනයන්ට ඒකතු කර නොතිබුණි.

මෙම තත්වය නිසා ගැටලු රැසක් පැනනැගී ඇති අතර නව ග්වාඩර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා පවරා ගත් ඉඩමට වන්දි ලැබෙන තෙක් ග්වාඩර් හි සාමාන්‍ය ජනතාව මග බලා සිටිති.

මේ සියල්ලට අමතරව පකිස්තානයේ ආරක්ෂක ගැටළු ද ව්‍යාපෘති ප්‍රමාදයට අර්ධ වශයෙන් වගකිව යුතුබව සදහන් කළ යුතුවේ.

මෙහිදී මතුව ඇති තවත් වැදගත්ම කලාපීය දේශපාලන කරැණක් වන්නේ ව්‍යාපෘතිය ට යොදාගෙන ඇති ගිල්ගිට්- බෝල්ටිස්තාන භූමිය පකිස්තානය විසින් නීතිවිරෝධී ලෙස වාඩිලාගෙන සිටින තමන්ට අයත් භූමියක් බවට ඉන්දියාව විසින් අයිතිවාසිකම් කීමයි.

මේ පසුබිම මත චීන පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය නීතිවිරෝධී බවට ඉන්දියාව විසින් පළ කරන විරෝධයද සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමටද චීනයට නොහැකිය.

අනෙක් අතට අනවශ්‍ය කළබලයකින් කටයුතු කොට ඒක් තීරයක් ඒක් මාවතක් (Belt and Road initiative) ව්‍යෘපෘතිය සම්බන්ධයෙන් ලෝකයේ පවතින සැකයන්ට තටු ලබාදීමටද චීනයට අවශය නැති බවට සැකයක් ‌නොමැත.

එමනිසා, චීනය අනවශ්‍ය කලබලයකින් තොරව පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය දෙස ඉවසිල්ලෙන් බලාසිටීමට තීරණය කර ඇති බව පැහැදිලිය.

පකිස්තානය කොතරම් කළබල වුවද අවසානයේ කටයුතු සිදුවනු ඇත්තේ චීනයට වුවමනා ලෙසටය.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...