27.8 C
Colombo
Thursday, April 25, 2024

චීනයේ තර්ජනවලට බිය නොවන බව තායිවාන ජනාධිපතිනිය කියයි

- Advertisement -

චීනයේ තර්ජනවලට බිය නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුල්තැන දෙමින් ලොව පුරා සිටින සිය මිතුරන් සමග එක්ව කටයුතු කරන බවත් තායිවාන ජනාධිපතිනිය අවධාරණය කරයි.

තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් මෙම අදහස් පළකර ඇත්තේ චීනය විසින් දිගින් දිගටම සිදුකරන ගුවන් සීමා උල්ලංඝණය කිරීම් සහ බාධා කිරීම් පිළිබද අදහස් දක්වමිනි.

ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ චීනයේ බලහත්කාරී සහ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත තම වැඩපිළිවෙළ නැවැත්වීම‍ට හැකියාවක් නොමැති බවයි.

චීනය විසින් පසුගිය සති කිහිපය තුළ සිය ගුවන් හමුදා යානා යොදා ගනිමින් තායිවාන ගුවන් සීමාව උල්ලංඝණය කිරීමේ අවස්ථා රැසක් වාර්තා විය.

මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පසුගියදා සිදුකළ තායිවාන සංචාරය සම්බන්ධයෙන් ද චීනය සිය විරෝධය පළ කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...