25 C
Colombo
Friday, March 29, 2024

මැයි රැළිය මැද ෆොන්සේකා – හරීන් වලියක්

- Advertisement -

ඊයේ (01) කොළඹ නිදහස් චතුරස්‍රය අසල පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අතරතුර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

ඒ, කථික ලැයිස්තුවේ අනුපිළිවෙල සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් මූලික කරගනිමින්.

මෙම මැයි රැළියේ සංවිධායකයෙකු වන හරීන් ප්‍රනාන්දුව තම අසුන අසලට කැඳවාගෙන ඇති සරත් ෆොන්සේකා “ඔය කොළේ දෙනවා මෙහාට” කියමින් කථික ලැයිස්තුව උදුරා ගැනීමට උත්සාහ දරා ඇති බවත් “ඇයි මොකටද ?” කියා හරීන් ප්‍රනාන්දු විමසද්දී “නෑ, මට පෙන්නනවාකො” යැයි කියමින් කථික ලැයිස්තුව උදුරාගෙන ඇති ෆොන්සේකා “කවුද අයිසේ මේ ලැයිස්තුව හැදුවෙ ? මම පක්ෂෙ දෙවැනියා. ප්‍රොටොකෝල් අනුව නායකයා කතා කරන්න ඉස්සෙල්ලා කතා කරන්න ඕනෙ මමයි” යැයි පවසා ඇති බවත් වාර්තා වේ.

එම කථික ලැයිස්තුව අනුව සරත් ෆොන්සේකාට පසු හරීන් ප්‍රනාන්දුත් එයින් අනතුරුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් රැළිය ඇමතීමට නියමිතව තිබී ඇත.

“කවුද මේ ලැයිස්තුව හැදුවේ ??” ෆොන්සේකා දැඩි කෝපයෙන් යුතුව විමසද්දී හරීන් සජිත් ප්‍රේමදාසව පෙන්වා ඇති අතර “සජිත්ට ඉස්සෙල්ලා තමුසේ මගේ නම දානවා. නැත්නම් මම අද කතා කරන්නේ නෑ” යනුවෙන් ෆොන්සේකා පවසා ඇති බව සඳහන්. “තමුසෙ කවුද මට ඕඩර්ස් දෙන්න ?” යැයි හරීන් ප්‍රනාන්දු ද කෝපාන්විතව ප්‍රතිචාර දක්වා ඇති අතර උණුසුම වචන හුවමාරුවක් සිදුවෙද්දී මනූෂ නානායක්කාර වහාම පැමිණ හරීන් ප්‍රනාන්දුව එතැනින් ඉවතට ගෙනගොස් තිබේ.

කෙසේවෙතත් පසුව සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම අනුව හරීන් ප්‍රනාන්දු සෙනඟ වැඩි පිරිසක් සිටින අවස්ථාවක කල් වේලා ඇතිව රැළිය අමතා ඇති අතර සරත් ෆොන්සේකාගේ කතාවෙන් පසු හර්ෂ ද සිල්වාට රැළිය ඇමතීමට අවස්ථාව ලබාදී ඇති බව සඳහන්. සජිත් ප්‍රේමදාස මහතා රැළිය අමතා ඇත්තේ හර්ෂගෙන් පසුවයි.

ගැටුමෙන් පසුව රැළිය අමතන අතරේ හරීන් ප්‍රනාන්දු සරත් ෆොන්සේකා දෙස බලමින් “අපි නාකි චණ්ඩින්ට බය නෑ” යනුවෙන් පවසා තිබුණු අතර ෆොන්සේකා මහතා රැළිය අමතන අතරේ පවසා තිබුණේ CID යෑමට බයෙන් බොරුවට ලෙඩවී රෝහල්ගත වන මැති ඇමතිවරුන්ට තමන් ආරක්ෂක ඇමති වූ පසුව කිසිම බුරුලක් නොලැබෙන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම ෆොන්සේකා – හරීන් ගැටුම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්නයක් බවයි.

හරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු වශයෙන් පත්වූ දිනයේ සිටම ෆොන්සේකා ඔහු සමග අමනාපයෙන් සිටින අතර මහනුවර සිට පැමිණි සමගි බල පාගමන කැළණියෙන් අවසන් වූ අවස්ථාවටවත් ෆොන්සේකා නොපැමිණියේ මෙම ගැටුම නිසා බවත් පැවසේ.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...