23 C
Colombo
Friday, February 14, 2025

රාජකාරී වේලාවෙන් පසු කරන සැත්කම්වලට දිරි දීමනාවක්

- Advertisement -

රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.

2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ (28) පළමු වරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ තිබුණා.

මෙහිදී ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ සැබවින්ම ජනතාවට ලැබෙන අන්දමින් කාර්යක්ෂම කිරීම සඳහා සැලසුම් සකස් කිරීම, පවතින ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම රජයේ රෝහල්වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර, ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් සිදුකිරීමක්, එම සේවාවන් ඉටුකරන කාර්යය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලෙන් දිරි දීමනාවක් ලබාදීම පිළිබඳවත් අවධානය යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම ජනාධිපති අරමුදල් පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, ඊට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES