29 C
Colombo
Saturday, January 18, 2025

මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධියට

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසනවා.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 6 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී තිබෙනවා.

මැතිවරණ කොමිශන් සභාව සදහන් කළේ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන ලද අපේක්ෂකයින් 690 දෙනාගෙන් 493 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී ඇති අතර ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 දෙනාගෙන් 434 දෙනෙකු වාර්තා බාරදී ඇති බවයි.

ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES