27 C
Colombo
Monday, September 9, 2024

අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරු දැලේ

- Advertisement -

කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ලබා ගැනිමට යාමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ පිහිටි නිවසේ සැලැස්ම ප්‍රාදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකර නීති මගින් කටයුතු කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි බව පවසා ඒ සම්බන්ධව තාක්ෂණික නිලධාරියාටද නීති මගින් කටයුතු නොකර සිටීමට හා කඩා ඉවත් නොකිරීමට රුපියල් 350,000/= ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එම මුදල පසුව රුපියල් 100,000/= දක්වා අඩුකර නැවත එම මුදල රුපියල් 60000/= දක්වා අඩුකර පැමිණිලිකාරියගේ නිවස ඉදිරිපිට දී එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විමර්ශන කොමිසමේ නිලධාරීන් සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාර ආදායම් පරීක්ෂකවරු දෙදෙනා කිලිනොච්චිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි – සජිත්

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු...

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...