28.4 C
Colombo
Wednesday, July 9, 2025

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

- Advertisement -

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සම්මේලනයේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් සරත් ශාන්තප්‍රිය  මහතා ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ 2018 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට කිසිදු වැටුප් වැඩි වීමක් ලබා දී නොමැති බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මේ අතර, විශේෂ කරුණු 7ක් මත පදනම්ව රාජ්‍ය සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය විශේෂ ලිපියක්ද ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් පනස්දහසක් ලෙස දක්වා නීති සකස් කිරීමද එම ඉල්ලීම් අතරට ඇතුළත්.

 රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් ඉවත් කර රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා උසස් කිරීම් සිදුකිරීමට විධිමත් වැඩපිළි‍වෙලක් සකස් කරන ලෙසත් රාජ්‍ය සේවක දීමනා වැඩිකරන ලෙස සහ රාජ්‍ය දේපළ විකිණීම නවතන ලෙසත් ඉදිරි අය-වැයේදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ ලිපිය මගින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

POPULAR ARTICLES