25 C
Colombo
Saturday, December 9, 2023

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – නීතීඥ සාමුහිකය  

- Advertisement -

මුලතිව් මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පුර්ණ විමර්ශනයක අවශ්‍යතාව මතුවී ඇති බව නීතීඥ සාමුහිකය  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා ජීවිත තර්ජන පවතින බවට පවසමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්  නීතීඥ සාමුහිකය  දැඩි කනස්සල්ල පළකරන බව එම නිවේදනයේ සඳහන්.

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතීයේ ආධිපත්‍ය සම්බන්ධ කාරණා සහ එහි පවතින බරපතළ තත්ත්වය සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අත්‍යවශ්‍ය බව එම නිවේදන මඟින් අවධාරණය කර තිබෙනවා.

මෙමෙ විමර්ශනයේදී විනිවිදභාවය ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන අතර පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ජනතාවට දැනුම්දිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.

නීතීඥ සාමුහිකය වෙනුවෙන් රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසුරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, සාලිය පීරිස්, උපුල් කුමරප්පෙරුම යන නීතීඥවරුන් පිරිසක් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...