33 C
Colombo
Thursday, March 28, 2024

රටවල් අටක් ඇෆ්ගනිස්තානයට කළ යුතු දේ ගැන දිල්ලියේ දී එකගතාවයක

- Advertisement -

ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවැත්වූ කලාපීය ආරක්ෂක සමුළුවේදී ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් වන විශේෂ ප්‍රකාශනයක් එළිදක්වා තිබේ.

දිල්ලි ප්‍රකාශනය නම් වන එමගින් ඇෆ්ගනිස්තානය තුළ සියලුම වාර්ගිකයන් ඇතුළු විවිධ පාර්ශව නි⁣යෝජනය වන පරිදි විවෘත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව අවධාරණය කර ඇත.

මෑත කාලයේදී කුන්දුස්, කන්දහාර් සහ කාබුල්හි සිදුවූ බෝම්බ ප්‍රහාරද දිල්ලි ප්‍රකාශනය මගින් හෙළාදැක ඇති අතර එරට ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබේ.

ඇෆ්ගනිස්තාන භුමිය කිසිදු ආකාරයකින් ත්‍රස්තවාදය ප්‍රවර්ධන කිරීම සදහා යොදාගැනීමට ඉඩ නොතැබිය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.

ඉන්දියාව සමග රැසියාව, ඉරානය, තජිකිස්තානය, කිර්ගීස්තානය, කසකස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මේනිස්තානය යන රටවල් මෙම දිල්ලි ප්‍රකාශනයට අත්සන් තබා තිබේ.

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...