Update: ඉන්දියාව සහ පකිස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එළඹුණු බවත් රටවල් දෙකේම පාර්ශවයන් දෙකම ඊට එකඟතාවය පළ කර ඇති බවත් පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරනවා.
…………………………………………………………………………………………………………….
ඉන්දියාව සහ පකිස්ථානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කෙසේවෙතත්, පකිස්ථාන නියෝජ්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ ඉන්දියාව මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් X පණිවිඩයක් මඟින් පවසා ඇත්තේ, මෙම සටන් විරාමය “එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ලබා ගත් ප්‍රතිඵලයක් බවයි