29.1 C
Colombo
Thursday, April 25, 2024

ඉන්දු – ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගීතා ගිවිසුම මේ වසරේදී

- Advertisement -

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුමක් සඳහා කටයුතු කරමින් සිටින බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය.

ගිවිසුම මේ වසරේදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දෙරට අතර ඉහළ මට්ටමේ සම්බන්ධතා බොහෝ අංශ හරහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ඇති බව ඇල්බනීස් පෙන්වාදුන්නේය.

පසුගිය වසරේ දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබිණි. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ තෙදින නිල සංචාරය අතරතුර ඉන්දියා-ඕස්ට්‍රේලියා පළමු වාර්ෂික සමුළුවේදී මෙම අදහස් පල කළේය.

ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඕස්ට්‍රේලියාව ද එකඟ වූ බවයි.

විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම මගින් දෙරටටම නව රැකියා අවස්ථා විවෘත කරන බව ද ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...