28 C
Colombo
Thursday, October 3, 2024

ඉන්දියාව ක්‍රිකට් වාර්තා අලුත් කරයි

- Advertisement -

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව අද (30) සමත්වුණා.

ඒ අනුව, ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය අලුත් කළා.

ඉන්දියාව පන්දුවාර 10.1කින් ශතක කඩයිම පසුකර ගියා.

කෙසේ නමුත්, මෙහි පෙර වාර්තාවද ඔවුන් සතුවම තිබුණා.

ඔවුන් මීට පෙර වේගවත්ම ටෙස්ට් ශතකය 2023 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවති තරගයේ දී ක්‍රීඩාකර තිබුණා.

එවර ඉන්දියාව පන්දුවාර 12.2කින් ශතකය සම්පූර්ණ කර තිබුණා.

එමෙන්ම ඉන්දියාව මෙම ඉනිමේදී අර්ධ ශතක සීමාවද පන්දුවාර 3කදී සම්පූර්ණ කිරීමට සමත් වුණු අතර, එයද ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය වුණා.

ඉන්දියාව බිඳදමනු ලැබුවේ මෙම වසරේදීම එංගලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහිව පන්දුවාර 4.2කදී පිහිටුවා තිබූ වාර්තාවයි.

මේ අතර, ඉන්දියාව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආකෘතියක පන්දුවාර 3කදී අර්ධ ශතකය සම්පූර්ණ කර නොමැතිවීමද විශේෂත්වයක්.

ඔවුන් මීට පෙර ක්‍රීඩාකර තිබූ වේගවත්ම අර්ධ ශතකය වූයේ පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ දී බංග්ලාදේශයට එරෙහිව පන්දුවාර 3.4කදී අර්ධ ශතකය සම්පූර්ණ කිරීමයි.

දින දෙකකට වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය අද (30) දිනයේදී සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස්කළා.

ඉන් අනතුරුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියාව, සිය පළමු ඉනිමට පන්දුවාර 34.4ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් යෂස්වි ජයිස්වාල් පන්දු 51කින් ලකුණු 72ක්ද, කේ. එල්. රාහුල් පන්දු 43කින් ලකුණු 68ක්ද, විරාත් කෝලි පන්දු 35කින් ලකුණු 47ක්ද රැස්කිරීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...