30.5 C
Colombo
Wednesday, April 24, 2024

රුසියාව සමග ගනුදෙනු ගැන ඉන්දියාවෙන් ඇමරිකාවට සැර උත්තරයක්

- Advertisement -

රුසියාවේ නිෂ්පාදිත S 400 වර්ගයේ මිසයිල් ආරක්ෂණ පද්ධති මිලදී ගැනීම පිළිබද ඇමරිකාව සිය විරෝධය පළකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කොට තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරවින්ද් බගාචි සදහන් කරන්නේ ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනී⁣මේදී ජාතික අවශ්‍යතාවය මූලික කොට සළකන බවයි.

කෙසේවෙතත්, ඇමරිකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සබදතාද නොවෙනස්ව ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන බව ඔහු සදහන් කළේය.

ඉන්දියාව රුසියාවෙන් එස් 400වර්ගයේ මිසයිල ආරක්ෂණ පද්ධති මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව විරෝධය පළකළ අතර එම ගනුදෙනුව සිදුවුවහොත් ඉන්දියාවට සම්බාධක පැනවීමක් සිදුකරන බවටද සදහන් කර තිබිණ.

එහෙත් එම සම්බාධක නොතකා ඉන්දියාව රුසියාවෙන් අදාළ මිසයිල මිලදී ගැනීමට කටයුතු කරනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

විජේදාසට හා මිත්‍රපාලට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන...

මරුවාට අතවනන කළබලේ විවෘත කළ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන නව ගුවන් පාලම, මාර්ගයට සම්බන්ධ කරන කොටසේ ඉදි කිරීම් තවමත් අසම්පූර්ණ...

විල්ගමුව වෙළඳසැලක් ඉදිරිපිට තිබී ගිනි අවියක් හමු වෙයි

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට ගිනි අවියක් තිබී සොයාගෙන තිබෙනවා. විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...