29 C
Colombo
Thursday, March 23, 2023

ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකානු මාධ්‍යවේදියෙකු පිටුවහල් කෙරේ

- Advertisement -

ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකානු මාධ්‍යවේදියෙකු දිල්ලි නුවරට ගොඩ බැස්ස විගස ඔහු යළිත් නිව්යෝර්ක් වෙත පිටුවහල් කළ බවට ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා.

වයිස් නිවුස් ප්‍රවෘත්ති සේවය සඳහා වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කරන අංගද් සිං ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක යෙදී සිටි බව ඔහුගේ මව ගුර්මීත් කෞර් පවසනවා.

ඉන්දියාවේ කොවිඩ් අර්බුදය සහ ගොවීන්ගේ විරෝධතා පිළිබඳ වාර්තා චිත්‍රපට නිර්මාණය කර ඇති සිං මහතා ආපසු හරවා යැවීමට කිසිදු හේතුවක් ලබා දී නොමැති බව BBC ලෝක සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් අදහස් දක්වා නැහැ.

සිංගේ පවුලේ අය පවසන්නේ අංගද් සිං විවිධ රටවල මහජන ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහු ශ්‍රී ලංකාව, හොංකොං, මියන්මාරය, ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු බොහෝ රටවල විරෝධතා පිළිබඳ වාර්තා චිත්‍රපට නිර්මාණය කර ඇති බවත්ය.

ඉන්දියාවේ පවතින කෘෂිකාර්මික නීතිවලට එරෙහිව ගොවීන්ගේ විරෝධතාද ඔහු ආවරණය කර තිබුණා.

ඉන්දියාවේ කොවිඩ්-19 හි විනාශකාරී දෙවන රැල්ල පිළිබඳ ඔහුගේ වාර්තාකරණය හේතුවෙන් අංගද් සිං එමී සම්මානයටද නාමයෝජනා වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...