32 C
Colombo
Saturday, April 20, 2024

MCC ගිවිසුමෙන් නේපාලයට විදුලිය

- Advertisement -

ඇමරිකාව සමග අත්සන් තැබූ MCC හෙවත් සහස්‍ර අභියෝග සහයෝගීතා ගිවිසුම යටතේ හිමිවූ අධාර මුදල් යොදාගෙන ඉන්දියාවේ සිට විදුලිය ලබා ගැනීමට නේපාලය තීරණය කර තිබේ.

අදාළ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ නේපාලයට ඩොලර් මිලියන 500 ක ආධාර මුදලක් හිමිව ඇත්තේ විදුලි බල සහ මාර්ග සංවර්ධනය වෙනුවෙනි.

ඒ මුදලින් කොටසක් යොදාගෙන ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට නේපාලය තීරණය කර ඇති අතර ඊට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණ.

මෙහිදී නේපාලයේ, බුත්වාල් සිට ඉන්දියාවේ ගොරොක්පූර් දක්වා දේශසීමාව හරහා දිවෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීමට නියමිත අතර ඒ හරහා කිලෝවොට් 400 ක විදුලි ප්‍රවාහයක් සම්ප්‍රේෂණය කෙරෙනු ඇත.

නේපාලයේ සිට ඉන්දියාව දක්වා දේශසීමාව හරහා ඉදිකෙරෙන දෙවන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය මෙය වන අතර දැනටමත් ඩොල්ක්බාර් සිට මුසාෆර්පුර් දක්වා කිලෝවොට් 400 ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතියක් ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...