28.3 C
Colombo
Saturday, April 20, 2024

යුරෝපය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙද ගිවිසුමක්

- Advertisement -

ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් යුරෝපීය සංගමය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කිරීම සඳහා වන සාකච්ඡා සඳහා ජර්මනිය සහ ඉන්දියාව පසුගියදා එකගතාවය ප්‍රකාශ කර තිබේ.

ජර්මනිය සහ ඉන්දියාව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සැපයුම්දාම වඩාත් විවිධාංගීකරණය වූ, වගකීම් සහගත සහ තිරසාර බවින් යුත් වෙළෙද කටයුතු පවත්වාගෙන යාම මෙහි අරමුණ බවයි.

ජාත්‍යන්තර පාරිසරික, ශ්‍රම සහ සමාජ ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සැපයුම්දාමයන්ට ආර්ථික ප්‍රතිලාභ ගෙන ඒමට ඇති හැකියාව සහතික කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය රජයන් දෙකම මෙහිදී අවධාරණය කර තිබිණ.

ජර්මනිය සහ ඉන්දියාව වැදගත් වෙළඳ සහ ආයෝජන හවුල්කරුවන් වන අතර යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක්, ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සහ භූගෝලීය දර්ශක පිළිබඳ ගිවිසුමක් සඳහා එළඹෙන සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ දැඩි සහයෝගය මෙහිදී ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...