33 C
Colombo
Friday, March 29, 2024

ඉන්දියාවේ බෙදුම්වාදී ව්‍යාපාර ඇමරිකාව තුළ නිදහසේ ක්‍රියාත්මක බවට චෝදනාවක්

- Advertisement -

සීක් බෙදුම්වාදීන්ගේ කලිස්තාන් බෙදුම්වාදී ව්‍යාපාර ඇමරිකාව පුරා නිදහසේ ක්‍රියාත්මක වන බවට ඉන්දියාව අනාවරණය කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, ඉන්දීය බලධාරීන් මීට අදාළ විශේෂ වාර්තාවක් දැනටමත් ඇමරිකානු බලධාරීන් වෙත යවා ඇති බවයි.

එහෙත් ඇමරිකානු බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවටද ඉන්දියාව චෝදනා නගා තිබේ.

අදාළ වාර්තාව මගින් කලිස්තාන් බෙදුම්වාදී ව්‍යාපාරයන්ට පකිස්තානයෙන් විවිධාකාරයෙන් සහය හිමිවන බවටද චෝදනා නගා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම තත්වය තුළ ඉන්දියාව තුළ බෙදුම්වාදී සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට විශ්වාස කළ හැකි සියලුම කලිස්තාන් බෙදුම්වාදීන්ට එරෙහිව කඩිනම් සහ විධිමත් පියවර ගන්නා ලෙස ඉන්දියාව ඇමරිකාව වෙත අවධාරණය කර ඇතැයිද පැවසේ.

කලිස්තාන් බෙදුම්වාදී ව්‍යාපාර යනුවෙන් අදහස් කරන්නේ, ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කේන්ද්‍ර කරගෙන වෙනම සීක් රාජ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයි.

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...