26.4 C
Colombo
Thursday, March 28, 2024

ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයට ළංවෙයි

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික ඉදිරි දැක්ම දත්ත වලට අනුව 2028 මූල්‍ය වර්ෂය වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරන අතර, එය මුලින් පුරෝකථනය කළ කාලයට වඩා වසර දෙකකට පෙර එම ඉලක්කය වෙත ලගාවීමක්.
ඒ අනුව ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදයට සහ චීනයට පමණක් පිටුපසින් සිටින අතර එහිදී ජර්මනිය සහ ජපානය අභිබවා යනවා.

මේ වසරේදී ඉන්දියාව, එක්සත් රාජධානියේ ආර්ථිකය අභිබවා ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරනු ලබනවා.

වේගයෙන් ඉදිරියට ඇදෙන ඉන්දියාව මේ වන විට ඩොලර් ට්‍රිලියන 3කට ආසන්න ආර්ථිකයකට දැන් හිමිකම් කියන අතර එය ලෝකයේ පස්වන විශාලතම සහ වේගවත්ම වර්ධනයක් ඇති ආර්ථික අතුරින් එකක්.

ලෝක බැංකුව ඉන්දියාව අඩු ආදායම්ලාභීන්ගේ සිට මධ්‍යම ආදායම්ලාභී තත්ත්වය දක්වා ප්‍රවර්ධනය කර ඇති අතර ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 1,036 ත් 12,535 ත් අතර අගයක් දක්වනවා.

ඒ අතරම, ඉන්දියාව ප්‍රකෝටිපතියන්ගේ ව්‍යාප්තියක් දැක ගත හැකි අතර එය දැන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් බවට පත්ව ඇත්තේ සහස්‍රයේ ආරම්භයේ දී යන්තම් පැවති නවයේ සිටයි.

ෆෝබ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 130 කට වඩා වැඩි ශුද්ධ වටිනාකමක් ඇති යටිතල පහසුකම් ව්‍යාපාරික ගෞතම් අදානි සහ ඩොලර් බිලියන 95 ක් පමණ වටිනා රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි නිර්මාතෘ මුකේෂ් අම්බානි ඔවුන් අතර වේ.

ඉන්දියාව සිය අපනයන ඉලක්කය සපුරා ගතහොත් ඔවුන්ගේ අපනයන ආදායම සිංගප්පූරුවේ අපනයන ආදායම ද ඉක්මවා යනු ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

ඉන්දියාව සතු ස්ථාවර දේශපාලන වටපිටාව, නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්ති ඔවුන් ලෝකය තුළ ඉහලට ඔසවා තැබීමට හේතු වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය 2022 ජූලි වාර්තාවේ, 2022 වසර සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7.4 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියානු මහ බැංකුව (RBI) විසින් අපේක්ෂා කරන ලද සියයට 7 ක වර්ධනයට වඩා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පුරෝකථනය කර ඇති බව ඔක්තෝබර් 11 වන දින නිකුත් කරන ලද ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාවේ සදහන්.

මේ අතර, ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Pierre-Olivier Gourinchas පැවසුවේ ඉන්දියාවේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන නමුත් අමතර මුදල් දැඩි කිරීමක් අවශ්‍ය බවයි.

2021-22 මූල්‍ය වර්ෂයේදී (අප්‍රේල් 2021 සිට 2022 මාර්තු දක්වා) ඉන්දියාව සියයට 8.7කින් වර්ධනය වී තිබෙනවා.

ඔක්තෝබර් 11 වන දින, ලෝක ආර්ථික ඉදිරි දැක්ම වාර්තාව නිකුත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී Gourinchas පැවසුවේ ඉන්දියාව 2022 දී ඉතා හොඳින් සිය මූල්‍ය හැසිරවීම සිදුකරන බවත් 2023 දී තරමක් ශක්තිමත් ලෙස එය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

අප මේ වසර සදහා සියයට 6.8ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන අතර ඉදිරි වසර සදහා සියයට 6.1ක වර්ධනයක් අපේක්ෂා කරනු ලබන බව ඹහු ප්‍රකාශ කළා.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් වැඩිදුරටත් පැවසුවේ, “ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ලොව සෑම රටක්ම මන්දගාමී වුවත්, ඉන්දියාව කිසිදු බලපෑමකට ලක් නොවී, වඩා හොඳින් ක්‍රියාත්මක වී වෙනත් රටවලට සාපේක්ෂව දීප්තිමත් ස්ථානයක සිටින බවයි.

“ගෝලීය ආර්ථිකයෙන් 1/3 ක් මේ වසරේ හෝ ඊළඟ වසරේ අවපාතයකට ඇද වැටෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. උද්ධමනය උග්‍ර වේවි එබැවින් එය පුළුල් කතාවක්. සෑම රටක්ම පාහේ මන්දගාමී වනවා. එම සන්දර්භය තුළ ඉන්දියාව වඩා හොඳින් ක්‍රියා කරයි. කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට සාපේක්ෂව දීප්තිමත් ස්ථානයක පවතී,” ශ්‍රීනිවාසන් පැවසීය.
උද්ධමනය විසඳීම සඳහා මහ බැංකු සහ ආසියානු ආර්ථිකයන් විසින් ගනු ලැබූ තීරණ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය සහ කලාපයේම ආර්ථික වර්ධනය මන්දගාමී වීම ඉන්දියාවේ මන්දගාමී ආර්ථික වර්ධනයට හේතු වී තිබෙනවා.

රුසියානු-යුක්රේන යුද්ධයේ බලපෑම, ගෝලීය වශයෙන් දැඩි මූල්‍ය තත්ත්වයන්, දශක කිහිපයකින් ඉහළම උද්ධමනය සහ කොවිඩ් වසංගතයේ කල් පවතින බලපෑම් හේතුවෙන් ඉන්දියාව පමණක් නොව ලෝකයම ඉදිරි වසර තුළ ආර්ථික වශයෙන් සමස්තයක් ලෙස මන්දගාමිත්වය අත්විඳිනු ඇතැයි ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.
මේ අතර, එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර සිටි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පසුගිය සතියේ ප්‍රකාශ කළේ ලබන වසරේ අයවැයේ රජයේ ප්‍රමුඛතා අතර ආර්ථික වර්ධනය ප්‍රධාන එකක් වන බවයි.

උද්ධමනය පිළිබඳ සැලකිලිමත් වන බවත් කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දීය ආර්ථිකය එළියට පැමිණ ඇති වේගය ඉදිරියටත් පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඇය ප්‍රකාශ කළා .
ඉදිරි ඉන්දීය අයවැය ඉතා සූක්ෂම ලෙස ව්‍යුහගත අයවැයක් වනු ඇති බවත්, ඉන්දීය ආර්ථිකයේ වර්ධන වේගය තිරසාර වන එකක් බවත් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇති බව විදෙස් වාර්තා වල සදහන් වනවා.
ඉදිරි වසර හෝ දෙක තුළ ඉන්දියාවේ කෙටිකාලීන වර්ධන අපේක්ෂාවන් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, බලාපොරොත්තු සහිත මාර්ග පමණක් නොව ඩිජිටල් යටිතල පහසුකම් රාමුව ද සමඟ ඉන්දියානු ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවයි.

ඉන්දීය ආර්ථිකයේ කෙටි කාලීන අපේක්ෂාවන් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා ඉන්දීය ආර්ථිකයට “බාහිරව ඇති වන” අවදානම් ද පෙන්වා දුන්නා.
” පිටතින් සිද්ධ වෙන දේවල් වලින් තමයි අපිට අනිවාර්යෙන්ම පහර වදින්නේ. ඒ වගේම අපි ඉඳහිට මේකේ තීව්‍රතාවය අවබෝධ කරගෙන ඊට ප්‍රතිචාර දක්වමු. බලශක්තිය, පොහොර මිල, අවදානම් බලශක්ති ප්‍රභවයන්, මෙම අභියෝග සියල්ලම මධ්‍ය කාලීන, දිගු කාලීන නොව, කෙටි කාලීනව ද නොවේ,” ඇය පැවසුවාය.

මේ අතර, ඉන්දීය මහ බැංකුව (RBI) පැවසුවේ ආක්‍රමණශීලී සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රවණතා විසින් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් තවදුරටත් දුර්වල කර ඇති පසුබිමක් මධයයේ වුවද ඉන්දියාවේ ආර්ථික ක්‍රියාකාරකම් ඔරොත්තු දෙන මට්ටමක පවතින අතර එය තවදුරටත් පුළුල් කිරීමට තමන් සූදානම් බවයි.
ඉදිරි කාලය දෙස බලන විට, ආර්ථිකයේ විවිධ අංශ විශ්ලේෂණය කරමින්, ඉදිරි කාලය තුළ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීමට ඉන්දියාව සූදානම්ව සිටින බව ඉන්දීය මහ බැංකු නියෝජතයින් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...