27.4 C
Colombo
Wednesday, June 7, 2023

ඉන්දියාව ක්‍රමයෙන් සුව අතට

- Advertisement -

කෝවිඩ් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ඉන්දියාවේ තත්වය මේ වනවිට ක්‍රමයෙන් යහපත් වෙමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ගතවූ පැය විසිහතර තුළ එර⁣ට කෝවිඩ් පරීක්ෂණ 2,217,000 ක් සිදුකර ඇති අතර එහිදී හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 208,921කි.

ඒ අනුව මීට සති කිහිපයක⁣ට පෙර සියයට 30 ඉක්මවා තිබූ ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට දහය දක්වා අඩුවී තිබේ.

මීට සති කිහිපයක⁣ට පෙර ලක්ෂ හතර ඉක්මවා තිබූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද මේ වනවිට ලක්ෂ දෙක පමණ මට්ටමට අඩුවී ඇති බව වාර්තා වේ.

⁣මිලියන විස්සක පමණ ජන සංඛ්‍යාවක් ජීවත්වන දිල්ලි අගනුවරින් ඊයේ වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 1568ක් පමණක් වන අතර ඒ සිදුකරන ලද 60,000කට ආසන්න පරීක්ෂණ සංඛ්‍යාවකදීය.

දිල්ලිය,මහාරාෂ්ට්‍ර ,උත්තර වැනි ප්‍රාන්තවල අසාදිතයන් වාර්තාවීම අඩුවී ඇතත් තමිල්නාඩුව, කර්ණාටක සහ කේරල යන ප්‍රාන්තවල තවමත් අසාදිතයන් වාර්තාවීම සැලකිය යුතු මට්ටමක පවතින බව සදහන් වේ.

කෙසේවෙතත් සියලුම ප්‍රාන්ත දැඩි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති අතර ලබන සතියේ සිට ඇතැම් ප්‍රාන්තවල සීමා ලිහිල් කරනු ඇතැයි එරට වාර්තා වැඩ්දුර⁣ටත් සදහන් කරයි.

මේ අතර එර⁣ට හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් සදහන් කර ඇත්තේ කොරෝනා පාලනය සදහා අවශ්‍ය සහය ලබාදීමට එරට හමුදාව උපරිමයෙන් කැපවී සිටින බවයි.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම පරිදි අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවද එරට හමුදා ප්‍රධානියා එහිදී සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...