28.4 C
Colombo
Friday, April 26, 2024

පුද්ගලයින් 8 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ඉන්දීය ඇමති පුතෙක් අත්අඩංගුවට

- Advertisement -

පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉන්දීය ප්‍රාන්ත ඇමතිවරයකු ගේ පුතකු දින හයකට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම චෝදනා එල්ල වී ඇත්තේ කණිෂ්ඨ ස්වදේශ කටයුතු ඇමතිවරයකු වන අජේ මිෂ්රාගේ පුත් ආශිෂ් මිෂ්රා හටයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විරෝධතාවයක නිරත වූ ගොවීන් පිරිසක් යට කරමින් ඇමති අජේ මිෂ්රාට අයත් මෝටර් රථයක් ඔහුගේ පුත් අජේ මිෂ්රා ධාවනය කිරීම හේතුවෙන් ගොවීන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම සිදුවිමෙන් පසු කෝපයට පත් ජනතාව මෝටර් රථයේ සිටි රියදුරු ඇතුළු තිදෙනෙකුට පහරදී තිබුණා.

එම ස්ථානයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය අතර මියගිය පිරිස අතර මාධ්‍යවේදියකු ද ඇතුළත් වනවා.

මේ සම්බන්ධයෙන් පැය 12 කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ආශිෂ් මිෂ්රා අත්අඩංගුවට ගැණුනා.

පසුව දින 14 ක් ඔහුව අධිකරණ භාරයේ රැඳවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...