26 C
Colombo
Friday, December 8, 2023

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

- Advertisement -

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් තවමත් නිසි තීන්දුවක් ප්‍රකාශ කර නොමැති පසුබිමක මෙම විවාහය සිදු කර ඇති බවයි.

‘ඔහු’ යන සර්ව නාමයෙන් තමාව හඳුන්වා දීමට කැමති 27 හැවිරිදි ඩිම්පල් සහ 21 හැවිරිදි මනීෂා ඔවුන්ගේ පවුල්වල ආශිර්වාදයත් සමඟින් පසුගිය සැප්තැම්බර් 18 වන දින බතින්දා නගරයේදී විවාහ වී තිබුණා.

තවමත් ගතානුගතික සිතුම් පැතුම් අගයන  ඉන්දියාව වැනි රටක සමලිංගික යුවලකගෙ විවාහයක් සඳහා මෙලෙස පවුලේ ආශිර්වාදය හිමි වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම යුවල විසින් සියලු සම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් ඔවුන්ගේ විවාහය සික් දේවස්ථානයකදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව දැඩි කතාබහක් මතු කර තිබෙනවා.

කෙසේවෙතත් සමලිංගික විවාහ, අස්වාභාවික මෙන්ම සික් ආචාර ධර්මවලට පටහැනි බව පවසමින් ඉන්දියාවේ සික් ආගමික නායකයින් මෙම විවාහ මංගල්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...