28 C
Colombo
Friday, May 20, 2022

චීන‍ ඔස්ට්‍රේලියා ගල්අගුරු ගැටලුව මැද්දට ඉන්දියාවත් පනියි

- Advertisement -

චීනයේ වරාය රැසක සිරවී ඇති ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වනු ලැබූ ගල්අගුරු මිලදී ගැනීමට ඉන්දියානු කර්මාන්තකරුවන් පිරිසක් ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

චීනය මෙතෙක් තමන්ට අවශ්‍ය ගල්අගුරුවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කළේ ඕස්ට්‍රේලියාවෙන් වන අතර පසුගිය කාලසීමාවේ දෙරට අතර හටගත් මතභේද හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරනු ලැබිණ.

මෙම තීරණය හේතුවෙන් ඒ වනවිට ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කොට චීනයේ වරායවල තිබූ විශාල ගල්අගුරු ‍පවා භාරගැනීම චීනය විසින් ප්‍රති‍ක්ෂේප කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එසේ චීනයේ වරායවල සිරවී ඇති ගල්අගුරු තොග මිලදී ගැනීමට සිමෙන්ති සහ යකඩ නිෂ්පාදනය කරන ඉන්දීය කර්මාන්තකරුවන් පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි.

මේ අතර ඉන්දියාවේ මෙම මැදිහත්වීම හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාව සහ චීනය අතර පවතින භූදේශපාලනික ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ විය හැකි බවට විදෙස් නිරීක්ෂකයන් අදහස් පළකොට තිබේ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...