31 C
Colombo
Thursday, April 18, 2024

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

- Advertisement -

ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය “Yudh Abhyas 22” ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරටේ හමුදාවන් අතර පුහුණුව, උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම යුධ අභ්‍යාසය ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වාර්ෂිකව පවත්වනු ලැබේ.

අභ්‍යාසයේ පෙර සංස්කරණය 2021 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කාවේ එල්මෙන්ඩෝෆ් රිචඩ්සන් හිදී පවත්වන ලදී.

ඇමරිකානු 11 වන ගුවන් සේනාංකයේ 2 වන බලසේනාවේ හමුදා සෙබළුන් සහ ඉන්දීය ASSAM රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් මෙම අභ්‍යාසයට සහභාගී වීමට නියමිතයි.

පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දෙරටේ හමුදා එක්ව කටයුතු කරනු ඇති බවත් ඒකාබද්ධ අභ්‍යාසය මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් කෙරෙහි ද අවධානය යොමු කරන බවත් සදහන් වේ.

ඕනෑම ස්වභාවික විපතක් හමුවේ ජාතීන් දෙකේම භට පිරිස් කඩිනම් සහ සම්බන්ධීකරණ සහන කටයුතු දියත් කිරීමට මෙම අභ්‍යාසය ඉවහල් වනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

හමුදාව හැරගිය අයට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා...

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...