29 C
Colombo
Thursday, April 18, 2024

ලොව පුරා සමාගම් චීනය වෙනුවට ඉන්දියාව සහ වියට්නාමයට තෝරාගනී

- Advertisement -

චීනය වෙනුවට සිය සැපයුම්දාම සම්බන්ධ කිරීම සඳහා ලොව පුරා සමාගම්වලට පවතින විකල්ප, ආකර්ශනීය විකල්ප ස්ථාන ලෙස ඉන්දියාව සහ වියට්නාමය සලකන බව නව ගෝලීය සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබේ.

ජර්මානු බහාලුම් සැපයුම් සමාගමක් වන කන්ටේනර් xChange විසින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙන් පෙන්වාදී ඇත්තේ, මෙහිදී 2023 වසර සඳහා නැව් සහ සැපයුම්දාම කර්මාන්ත ප්‍රවණතා පිළිබඳව රටවල් 20 කට අධික සංඛ්‍යාවක කර්මාන්ත වෘත්තිකයන් 2,600 කට අධික සංඛ්‍යාවක් සමීක්ෂණයට සහභාගී කරවාගෙන ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 67 ක් මේ වසරේ ඉන්දියාව සහ වියට්නාමය “ක්‍රියාකාරී බහාලුම් නැව් මධ්‍යස්ථාන ලෙස ඉහළ යනු ඇතැයි” විශ්වාස කරන බව සොයා ගන්නා ලද බව සමීක්ෂණ වාර්තාව අනවරණය ආකාරයි.

පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා ඉන්දියාවේ ඇපල් අයිෆෝන් අපනයනය, ඊට පෙර මූල්‍ය වර්ෂයේ දී මෙන් දෙගුණයකින් පමණ වැඩි වී ඇති අතර, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමූහය තායිවාන නිෂ්පාදකයෙකුගෙන් සමාගම මිලදී ගැනීමට සූදානම්ව සිටින අතර, එමඟින් ඉන්දියාවට සිය ප්‍රථම ගෘහස්ථ අයිෆෝන් කර්මාන්ත ශාලාව ලබා දෙනු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර, වියට්නාම රජය විසින් නිකුත් කරන ලද රේගු දත්ත වලට අනුව, ස්මාර්ට් ෆෝන් සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංගවල ප්‍රබල අපනයනය හේතුවෙන් එක්සත් ජනපදය සමඟ වියට්නාමයේ වෙළඳ අතිරික්තය 2022 දී වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...