25 C
Colombo
Friday, March 29, 2024

ඉන්දීය යුද හමුදාපතිවරයා ජනපති ගෝඨාභය හමුවෙයි

- Advertisement -

සිවුදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ද්විපාර්ශවික ආරක්ෂක සම්බන්ධත තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මඟපෙන්වීමක් ලබාගැනීමේ අරමුණින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නාරාවනේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණු ගැසුණු බවයි.

මෙහිදී නරාල් නාරාවනේ මහතා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ කොළඹ ආරක්ෂක පර්ෂදය ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ සහකරුවකු ලෙස ශ්‍රී ලංකාව ඉටුකරන පුරෝගාමී භූමිකාව අගය කරන බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් සහ ඉන්දියානු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...