ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන ඔක්තොම්බර් 4 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විදෙස් අමාත්‍යවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇති බව එම වාර්තාවල සඳහන්.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය මඟින් නව ජනපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන්දීය රජය අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.