28.5 C
Colombo
Wednesday, April 24, 2024

ඉන්දීය විදේශ ලේකම් හදිසියේම මෙරටට

- Advertisement -

ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් සිංග්ලා ඔක්තෝබර් මස මුල දීම මෙරට සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව The Hindu පුවත්පත වාර්තා කරනවා.

ශ්‍රී ලංකා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එස්. ජයිශන්කර් නිව්යෝක්හි දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමී ව පැවති හමුවෙන් දින 10කට පමණ පසු ව ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවීම විශේෂත්වයක් බවයි ද හින්දු පුවත්පත පවසන්නේ.

ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ ෂ්‍රිංග්ලා මහතා ප්‍රධාන ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක ආරම්භක කටයුතු වෙනුවෙන් ඔහු පැමිණෙන බවට නවදිල්ලියේ සහ කොළඹ නිල ආරංචි මාර්ග සඳහන් කරන නමුත් එම සංචාරයේ මූලික අරමුණ තවමත් අපැහැදිලි බව පුවත්පත පවසනවා.

ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ දායකත්වය ලබන ව්‍යාපෘතිවල “මන්දගාමී වේගය” සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකට සහ යටිතල පහසුකම් සඳහා චීනය තීරණාත්මක හා බලගතු පාර්ශවයක් ලෙස නැගී සිටීම පිළිබඳව ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බවත් විදේශ ලේකම්වරයා වශයෙන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වන මෙයට තීරණාත්මක හේතූන් පැවතිය හැකි බවත් පැවසේ.


RECENT ARTICLES - SINHALA

නිවාඩුවෙන් පසු පාසල් අද යළි ඇරඹේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින්...

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...