31 C
Colombo
Friday, April 19, 2024

ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි බලන්න යයි

- Advertisement -

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ නිරීක්ෂණයට ගොස් තිබෙනවා.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවයි පැවසෙන්නේ.

සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

ඔහු හෙට (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනතුරුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙනු ඇති.

ඉන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා සහ මෙරට විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වේ.

RECENT ARTICLES - SINHALA

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...