31 C
Colombo
Wednesday, March 19, 2025

රෝහිත් එක්ක ඉන්දියන් ටීම් එකේ අමුතු ලෝක වාර්තාව

- Advertisement -

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ නායකයා බවට පත්වීමේ ලෝක වාර්තාව පිහිටුවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සැරසෙයි.

ඊයේ (09) ඩුබායිහිදී පැවැත්වු ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ දී රෝහිත් කාසියේ වාසිය පරාජය වූ අතර, එය ඔහු එක්දින තරගවලදී කාසියේ වාසියඅඛණ්ඩව පරාජය වූ 12වන තරගයයි.

ඒ අනුව රෝහිත් ජාත්‍යන්තර එක්දින පිටියේ අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් කාසියේ වාසිය පරාජය වූ බ.ඉ. කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා හා සමතැන් ගත්තා

මෙය පිරිමි එක්දින තරගවලදී ඉන්දියාව ද කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ 15වන අවස්ථාව වනවා.

ඔවුන් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු මේ දක්වා ක්‍රීඩාකළ සෑම තරගයකදීම කාසියේ වාසිය පරාජය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දැනටමත් කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ රටට හිමි වාර්තාව තමන් සතුකරගෙන සිටිනවා.

මෙහි දෙවන ස්ථානය පසුවන්නේ නෙදර්ලන්තයයි.

ඔවුන් 2011- 2013 කාලසීමාවේ අඛණ්ඩව තරග 11ක් කාසියේ වාසිය පරාජය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබු බවත් ඒ අතරම දේශබන්දු...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES