32 C
Colombo
Friday, March 29, 2024

ඉන්දියාවේ අපනයන අගය වාර්තාගත ලෙස ඉහළට

- Advertisement -

ඉන්දියාව මේ වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 418 ක අපනයන ඉලක්කය සපුරා ගෙන ඇති අතර නවතම අපනයන අගය ඩොලර් බිලියන 419.5 කට ආසන්න බව වාණිජ සංගම් හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසා තිබේ.

ඩොලර් බිලියන 400 ඉක්ම වූ ‘භාණ්ඩ අපනයන ඉලක්කය’ සපුරා ගැනීමෙන් පසු 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ‘සේවා අපනයන ඉලක්කය’ ඩොලර් බිලියන 250 ක් සපුරාලීමෙන් ඉන්දියාව තවත් සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ බදාදා පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ය.

ඔහු එහි දී සඳහන් කළේ ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ නව ආර්ථික සහයෝගීතාවය සහ වෙළඳ ගිවිසුම් මගින් රෙදිපිළි, ඖෂධ, සම් භාණ්ඩ සහ ස්වර්ණාභරණ වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලක්ෂ 10 ක් උත්පාදනය කරන බවයි.

නවදිල්ලියේ ‘ඉන්දියානු රෙදි කර්මාන්ත සම්මේලනයේ-කපු සංවර්ධන හා පර්යේෂණ සංගමයේ’ (CITI- CDRA) ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ නව ආර්ථික සහයෝගීතා සහ වෙළඳ ගිවිසුම් රෙදිපිළි, අත්යන්ත්‍ර, පාවහන් වැනි අංශ සඳහා අසීමිත අවස්ථා විවෘත කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදුකරන ඉන්දීය රෙදිපිළි අපනයන සඳහා බදු ශුන්‍යයට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවසූ ඔහු නුදුරේදීම යුරෝපය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ගල්ෆ් සහයෝගිතා කලාපයේ රටවල් ද ශුන්‍ය බද්ද යටතේ ඉන්දීය රෙදිපිළි අපනයනය පිළිගනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

ඒ සමඟ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 100 ක අපනයනයක් ලබා ගැනීමට ඉන්දියානු රෙදිපිළි කර්මාන්තයට හැකියාව ඇති බව ගෝයල් පවසයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...