ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයානාද් ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් මියගිය ගණන 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නායයෑමට කොටු වූ තවත් පුද්ගලයින් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 180 දෙනෙකු පමණ අතුරුදන්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
වයානාද් ප්‍රදේශයේ ගම්මාන දෙකක් මෙම නායයෑමට ලක්වුණා.
මෙම ඛේදවාචකය නිසා අද (31) ශෝක දිනයක් ලෙස නම් කිරීමට කේරළ ප්‍රාන්ත රජය කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව, ප්‍රාන්ත රජයේ සහ ජාතික ධජ අඩකුඹු කර තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම ව්‍යසනය සම්බන්ධයෙන් එරට මධ්‍යම රජයේ අමාත්‍ය අමිත් ෂා අද (31) ඉන්දීය පාර්ලිමේන්තුව ඇමතුවා.
මෙම නායයෑම සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇගවීමක් ඉකුත් ජුලි 23 වැනිදා සිදුකර තිබූ බව අමිත් ෂා පවසනවා.
පූර්ව අනතුරු ඇගවීමට පසුව මධ්‍යම රජය විසින් සහන කණ්ඩායම් යොදවා තිබූ බවත් අමිත් ෂා අමාත්‍යවරයා පැවසුවා.
එහෙත්, කේරළ ප්‍රාන්ත රජය නිසි පියවර නොගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා.