31 C
Colombo
Thursday, April 18, 2024

හොර රහසේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ දුරකථනවලට රිංගූ චෝදනා විමර්ශනයට ඉන්දියානු ශ්‍රේෂ්ධිකරණයෙන් විමර්ශන මණ්ඩලයක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, සමාජ ක්‍රියාකාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන වලට හොර රහසින් ඇතුළුවීම හා සවන්දීම සඳහා රජය විසින් මිලදී ගත් ඔත්තු බැලීමේ මෘදුකාංග භාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා ඉන්දීය අධිකරණය ස්වාධීන මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දීමට කටයුතු කර ඇත්තේ නීතිවිරෝධි නිරීක්ෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

ඊශ්‍රායල නිරීක්ෂණ සමාගමක් වන NSO හි දත්ත පද්ධතියක ගබඩා කර තැබූ ඉලක්කගත දුරකථන අංක ලැයිස්තුවක් පසුගිය ජුලි මාසයේ දී ප්‍රධාන පෙළේ මාධ්‍ය මඟින් අනාවරණය කරනු ලැබීමත් සමඟ එයට විශාල අවධානයක් යොමු වනු අතර කීර්තිමත් පුද්ගලයින්ගේ දුරකථනවලට අනවසරයෙන් පිවිසීම පිළිබඳ රජයන් ගණනාවකට චෝදනා එල්ල වුණා.

Pegasus මෘදුකාංගය ඔස්සේ විමර්ශනය කළ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතන 16 අතරට ඉන්දියාවේ The Indian Express පුවත්පත සහ The Wire වෙබ් අඩවිය ද ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත් එම සමාගම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මෙම මෘදුකාංගය අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් සොයා ගැනීම සඳහා නිර්මාණය කර ඇති බවත් මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ යහපත් අතීතයක් ඇති රටවල මිලිටරි නීතිය ක්‍රියාත්මක කරනු ලබන බුද්ධි අංශ වෙත පමණක් විකුණනු ලැබූ බවත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුරුවිට ඝාතනයක්

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී...

මෛත්‍රීට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා...

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...