25 C
Colombo
Friday, January 17, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්ට අධිචෝදනා

- Advertisement -

2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකුට එරෙහිව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙනු ලැබුවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ භාරදීම සිදුකළා.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළා.

නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළා.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා. 

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම වුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES