25 C
Colombo
Friday, March 29, 2024

නිදහසින් පසු වසර හෑත්තෑ පහේ ඉන්දු ලංකා සබදතා

- Advertisement -

ඉන්දියාව පසුගිය අගෝස්තු 15වනදා සිය 75 වන ජාතික නිදහස් දිනය සමරනු ලැබූ අතර ශ්‍රී ලංකාව ඊට මාස මාස 06කට පසු එනම් පෙබරවාරි 04 වනදා සිය 75 වන නිදහස් දිනය සමරනු ලැබීය. එම 75 වසර තුළ පසුගිය වසර තරම් ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කළ වෙනත් වසරක් නොවීය. එසේම පසුගිය වසර තුළ ලංකාවට ඉන්දියාව තරම් උපකාර කළ කිසිදු රටක් හෝ ආයතනයක් ද නොවේ.
පසුගිය වසර තුළ පමණක් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට අමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක පෙර නොවූ විරූ මූල්‍ය සහයෝගයක් දුන්නේය. මේ වසරේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු ද්විපාර්ශ්වික ණය හිමියා බවට පත්වූයේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියට අනුවය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික සහ ආර්ථික සබඳතා සියවස් ගණනාවක් ඈතට විහිද යයි. බුදුදහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට සම්බන්ධ කරන යෝධ කුලුනකි.

ශ්‍රී ලංකාවේ පැරණි මූලාශ්‍ර වලට අනුව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දේවානම්පියතිස්ස රජු සමයේදී ශ්‍රී ලංකාවට, ඉන්දියානු අශෝක අධිරාජයාගේ ගිහි කල පුත්‍රයෙකු වූ මිහිදු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම රැගෙන ආ බව පැවසෙයි. මේ කාලයේදීම, සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ලංකා රාජ්‍යය තුල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම ආරම්භ වූ බවත් සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව අද බෞද්ධ රාජ්‍යයක් ලෙස හඳුන්වන්නේ නම් හෝ බහුතරය බෞද්ධාගමිකයන් වන්නේ ඉන්දීය සෙවනැල්ලෙනි.
බුදු දහම මෙන්ම මෞර්ය පාලනය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ද අශෝක අධිරාජ්‍යයා යටතේ ය. එබැවින් රාජ්‍ය ආයතන සහ නගර සැලසුම් ද පැවතෙන්නේ මෙම ක්‍රමවේදයෙනි.

ශ්‍රී ලංකා සමාජය, මූලාරම්භය ගොඩ නැඟුනේ කෙසේ ද යන්න ඉන්දියානු ජාතික කොඩියෙන් ද පිළිඹිඹු කෙරේ. අද මෙරට භාවිතා කෙරෙන්නේ සංස්කෘත සහ පාලි භාෂාවෙන් ඇරඹි සිංහල සහ දෙමළ භාෂා දෙකය. උතුරු ඉන්දියාවෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් බොහෝ චාරිත්‍ර මෙරටට පැමිණ ඇති අතර විශේෂයෙන් තමිල්නාඩුවෙන් සහ කේරළයෙන් පැමිණි චාරිත්‍ර අතර බොහෝ සමානකම් දක්නට ලැබේ.
රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්ත අතර වෙනස්කම් පවතින්නේ ඉතා සුළු වශයෙනි . ඒ ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවණා යන දෙදෙනාම වීරයින් ලෙස සැළකීම වැනි වෙනස්කම්ය.
කේරළයෙන් ලැබුණ රාහු කාලය ලංකාවේ සිංහල ජාතිකයන් රාහු කාලය තදින් විශ්වාස කරති. එසේම කේරළයෙන් ලද පත්තිනි දේවියද වන්දනාමාන කරති.

මේ ආකාරයෙන් දෙරටට පොදු සංස්කෘතික උරුමයන් මෙන්ම ආගම, සංස්කෘතිය, නර්තනය යනාදියද පොදු බව දැකිය හැකිය.
තවදුරටත් පවසන්නේ නම් ඉන්දීය ජාතික ගීය රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචනා කරන ලද අතර ශ්‍රී ලංකාවේ ජාතක ගීය රචනා කළේ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිසුවෙක් විසිනි.

මේ අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යනු මහාද්වීපයේ එකට බැඳුණු කොටසකි.රජයකට ප්‍රවර්ධනය කළ නොහැකි සංස්කෘතිය ඉබේ සිදු වන්නක් බව බැලූ බැල්මට පෙනේ. නමුත් වැදගත් වන්නේ ඉන්දියානු අගමැති දළඳා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති යාමයි. මෙවන් බැඳීමක් ලෝකයේ වෙනත් කිසිම රටකින් දකින්නට ලැබෙන්නේ නැත.

එදා ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු වීමට සහ එහි සාමාජිකත්වය ලබා ගැනීමට පණ්ඩිත් නේරූ සිය පූර්ණ සහයෝගය ලබා දුන් බව ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනා නොදන්නා කරුණකි. ඒ සඳහා නිව්යෝර්ක් නුවරට යාමට සහ එහි සිට කළ යුතු කර්යයන් සඳහා සියලු සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නියෝජිත අමාත්‍ය වී.කේ. ක්‍රිෂ්ණ මෙනන් විසිනි.
මේ බැඳීමට එහා ගිය සහෝදරත්වයක් අපට දක්නට ලැබුණේ මෙරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමත් සමඟය. මේ වන විට දක්නට නැතත් මේ අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ දක්නට ලැබුණේ රට පුරා ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය භාණ්ඩ, පොහොර සඳහා පෝලිම් ය. ශ්‍රී ලංකාව දරුණුතම විදේශ විනිමය අර්බුදයට මුහුණ පා සිටින එම අවස්ථාවේදී අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට සඳහා දෙවරක් නොසිතාම ඉදිරිපත් වූයේ ඉන්දියාවයි.

ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා දුන්නේය. එපමණක් නොව ඒ වන විට ඉන්දියාව ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක්, ඩොලර් බිලියන 0.5 ක ණයක් කල් දැමීමක් සහ තවත් බිලියන භාගයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනය පවත්වා ගැනීම ඇතුලුව ඩොලර් බිලියන 1.4 ක සහයෝගයක් ලබා දී තිබුණි.
ඒ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දක්වාත්, වතුකරයේ දමිළ ප්‍රජාවට මෙන්ම මුලතිව් හි ධීවරයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වියලි ආහාර සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට අමතරවය.
මේ කිසිවක් සඳහා ඉන්දියාව කොන්දේසි පැනවූයේ නැත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බූදය හමුවේ මෙරට තුළ ආයෝජනය කිරීම පිළිබඳව වෙනත් රටවල් පසුගාමී පිළිවෙතත් අනුගමනය කරද්දී ඉන්දියාව විශාල වශයෙන් ආයෝජන අවස්ථාවන්ට මැදිහත් වී ඇත.
පුණර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය, මෙන්ම ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, වව්නියාව දිස්ති‍්‍රක්කයේ ආදර්ශ නිවාස ගම්මානය, දඹුල්ල ශීත ගබඩා කම්හල සහ පොළොන්නරුවේ ත්‍රිභාෂා පාසැල වැනි ඉන්දියාව විසින් සිදු කරන ලද ජනතා කේන්ද්‍රීය ධාරිතා වර්ධන වැඩ සටහන්ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා වාහන, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ භාවිතය සඳහා බස් රථ 175ක් ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය වැනි පරිත්‍යාග ඉන්දියාවෙන් පිරිණැමුනේ ව්‍යාපෘති හෝ ගිවිසුම් ප්‍රකාරව නොවේ.
ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා මෑතදී කළ ශ්‍රි ලංකා සංචාරයේදී ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට අත්සන් තැබීය.
ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට අත්සන් තැබුණේ 2005 වසරේ දීය. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම එදින අත්සන් තැබූ ගිවිසුම මගින් සහතික කෙරිණ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් එම මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසළ ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු කළේය.
ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කෙරුණු නිවාස 300ක් (ගාල්ල, මහනුවර, නුවරඑළිය – නිවාස 100 බැගින්) භාරදීම ද මෙම සංචාරයේ දී සිදු කෙරිණි.
නිවාස 60,000ක මෙම ව්‍යාපෘතියට අදාළ නිවාස 50,000ක ඉදිකිරීම් අවසන් කර අවසන්ය. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4000ක ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යට‍තේ ඉදිකෙරුණු නිවාස 3300කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිලාභීන් වෙත ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක “ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන” යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු නිවාස ප්‍රතිලාභීන් ද වෙත ලබාදීම සංකේතවත් කිරීම ද විදේශ අමාත්‍යවරයාගේ මෙවර සංචාරයේ දී සිදු විය.
පසුගිය පෙබරවාරි 11 වනදා ජනතාව වෙත බාර දෙනු ලැබූ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය 2015 වසරේ මාර්තු මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ සිදු කළ සංචාරයේදී මුල්ගල තැබුණ තවත් එක් ව්‍යාපෘතියකි.
ඉන්දීය මධ්‍යම රජයට අමතරව තමිල්නාඩුවෙන් වරින් වර මෙරට ජනතාව වෙත දිගු කෙරෙන සහෝදරත්‍ වය ගණන් බලා නැති බව කිවහොත් නිවැරදිය.

නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් දෙරටේම අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් අත්වැල් බැඳගත යුතු බව පවසමින් ඔහු ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළේද මෙම සංචාරයේදීය. ඒ සඳහා වන සහයෝගය පැවතිය යුත්තේ දේශපාලන නායකයන්, වෘත්තිකයන්, විද්‍යාඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, නිලධාරීන් සහ සිවිල් සේවකයන් අතර පමණක් නොවන බවද දෙරටේම අභිවෘද්ධිය උදෙසා සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඊට එක්විය යුතු බවද ඔහු සඳහන් කළේ ඊට ඉන්දියාවේ සූදානම සහතික කරමිනි.
ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් සෑම විටම ගැටලුවලට මුහුණ දුන් විට සහ සමාන අයිතිවාසිකම් අවශ්‍ය වූ විට උපකාර පැතුවේ ඉන්දියාවෙනි. මේ සම්බන්ධයෙන් සිංහල ජනතාව අතර යම් විරෝධතාවක් පැවතුණද මෑත කාලීනව කිසිදු ප්‍රතිලාභයකින් තොරව ඉන්දියාව කරන ලද උදව් උපකාර හේතුවෙන් එම මතය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...