24 C
Colombo
Sunday, November 3, 2024

ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමති අත්අඩංගුවට

- Advertisement -

සීනි ආනයන වංචාවක් සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ හිටපු වෙළෙඳ ඇමතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

විමර්ශකයින් පවසන්නේ හිටපු අමාත්‍යවරයා නිසි ක්‍රමවේදයෙන් බාහිරව සීනි ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් රජයට ඩොලර් මිලියන 25ක පාඩුවක් සිදුකර ඇති බවයි.

එම හිටපු අමාත්‍යවරයා මේ වනවිට රජයේ කටයුතු විවේචනය කරන පුද්ගලයින් අතුරින් ඉදිරියෙන්ම සිටින අයෙක්.

හිටපු අමාත්‍ය තෝමස් ට්‍රිකාසි ලෙම්බොන් ව සැකකරුවෙක් වශයෙන් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබුණා.

රට තුළ අවශ්‍ය ප්‍රමාණය ට වඩා සීනි තොග ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට සීනි ආනයනය සඳහා බලපත්‍රයක් නිකුත්කළ බවට එරට නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකර ඇති චෝදනාවේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

අදත් ලොකු වැස්සක්

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (03) මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ...

ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ...

අධිවේගී මාර්ගයේ යන අයට දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය, රියදුරන්ට දැනුම් දෙනවා. ඒ, පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන්. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...