32 C
Colombo
Friday, March 29, 2024

වසර 62ක් පැරණි ‘ඉන්දු ජල ගිවිසුම’ සංශෝධනය කිරීමේ සූදානමක්

- Advertisement -

ජම්මු සහ කාශ්මීරයේ කිෂෙන්ගංගා සහ රැට්ල් ජලවිදුලි ව්‍යාපෘති පිළිබඳ ආරවුල හේතුවෙන්, ඉන්දියාව පාකිස්තානය සමඟ වසර 62ක් පැරණි ඉන්දු ජල ගිවිසුම (IWT) වෙනස් කිරීමට අවශ්‍ය බව පසුගියදා නිවේදනය කළේය.

එසේම මෙම ගිවිසුම සම්බන්ධයෙන් හේග් නුවර බේරුම්කරණ අධිකරණයක් වෙත යෑමට පාකිස්ථානය ගෙන ඇති ඒකපාර්ශ්වික තීරණයටද ඉන්දියාව විරෝධය පළ කර තිබේ.

මෙම ජල ගිවිසුමේ XII (3) වගන්තිය අනුව ගිවිසුම වෙනස් කරන ලෙස ඉල්ලා ඉන්දීය රජය පසුගිය ජනවාරි 25 දින පාකිස්තානයට ලිඛිතව දන්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

IWT අකුරටම ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව සැමවිටම වගකිවයුතු හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇති නමුත්,
පාකිස්තනය් විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර 1960 දී අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම කිසි විටෙකත් වෙනස් කර නොමැති අතර, ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ සහ ආතතිය විඳදරාගත් දකුණු ආසියාවේ වඩාත්ම සාර්ථක අන්තර්ජාතික ගිවිසුමක් ලෙසද එය වාර්තා අතරට එක්ව ඇත.

RECENT ARTICLES - SINHALA

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...