ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 73.7% දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
අගෝස්තු මස 70.2% ක් ලෙස සටහන් වූ උද්ධමනය සැප්තැම්බර් මාසයේ මෙලෙස 73.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් අගෝස්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 84.6% ක් ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ 85.8% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙනවා.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මස 57.1% ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ 62.8% ක් දක්වා ඉහළ ගොස් ඇත.
73.7% ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් 40.9% ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් 32.9% දායකත්වයක් ලබා දී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
මෙවර උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.