32 C
Colombo
Tuesday, February 18, 2025

දෙසැම්බර් මාසයේ උද්ධමනය 12% ත් පැනලා

- Advertisement -

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම 12.1% ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 2.64 ක් ලෙස ද, ආහාර සහ ආහාර නොවන අයිතමවල වෙනස පිළිවෙළින් 1.80% ක් සහ 0.84% ක් බව ද, ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා.

උද්ධමනය තවදුරටත් ඉහළ යෑමට දෙසැම්බර් මස ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ඉහළ යෑම බලපා ඇති බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මස 22.1% ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 7.5% ක් දක්වා ද, ඉහළ ගොස් ඇති බවද මහබැංකුව නිවේදනය කරනවා.

දෙසැම්බර් මස තුළ ආහාර නොවන කාණ්ඩයට අයත් පෙට්‍රල්, ඩීසල්, කුලී රථ ගාස්තු, මත්පැන් සහ දුම්වැටි යන භාණ්ඩවල මිල ඉහළ යෑම උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපෑම් කර තිබෙනවා.

උද්ධමනය අණ්ඩව ඉහළ යෑමට සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිළි කිරීමක් හැකි ඉක්මණින් ඉදරිපත් කරන බවත් ශ්‍රී ලංකා වහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත් වසර අවසන් වන දෙසැම්බර් 31 වනදා යළිත් වරක් ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් ලක්ෂ 66,500 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES