27 C
Colombo
Wednesday, March 19, 2025

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

- Advertisement -

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඒ පුත්තලම සිට මාදම්පේ හරහා කොළඹ දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර හේතුවෙන්.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබුණා. 

පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ මෝටර් රථය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන්ගෙන ඇති අතර රථය පදවා ඇත්තේ ඔහුගේ සහෝදරයා බවයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය සඳහා පැමිණෙමින් සිට ඇති අතර අනතුරට පත් එම රථය ද මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණා.

අනතුර සිදුවීමෙන් පසු cctv දර්ශන පැවතියද අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන මෙතෙක් ලබා ගැනිමට හැකිවී නැහැ. 

අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ෆ්‍රැන්සිස් ගාමිණි නැමැති 65 හැවිරිදි අයෙක් වන අතර ඔහු ව්‍යාපාරිකයෙක්.

අනතුර සම්බන්ධව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, මෝටර් රථයේ රියැදුරාට නින්දයාම අනතුරට හේතුව බවයි. 

රියදුරු වෙන්නප්පුව කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම මෝටර් රථයේ ගමන්කළ මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය සඳහා පිටත් කිරීමට පොලිසිය එහිදී කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...